දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව 50%ක ධාරිතාවකින් විශ්වවිද්‍යාල ඇරඹීමට අවසර

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව 50%ක ධාරිතාවකින් විශ්වවිද්‍යාල ඇරඹීමට අවසර

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව 50%ක ධාරිතාවකින් විශ්වවිද්‍යාල ඇරඹීමට අවසර

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව 50%ක ධාරිතාවකින් යුතුව දේශන සහ අනෙකුත් අධ්‍යයන කටයුතු කරගෙන යාමට විශ්වවිද්‍යාලවලට අවසර ලබා දී තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රැස්වී මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ. විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව කඩිනම් එන්නත් වැඩසටහනක් මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

කොවිඩ් මර්ධන එන්නත් දෙකම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහ සියලුම විශ්ව විද්‍යාලවල බොහෝ සිසුන්ට දැනටමත් ලබා දී අවසන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *