දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමිවලට ගොස් – අකිල විරාජ් කාරියවසම්

0
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ්

විදේශ බලවේග යන හංවඩුවට ලක්වූ එජාප නායකයන් අද දුක්විඳින ජනතාව සමඟ මව්බිමේ සිටිද්දී දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමිවලට ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා (26) පැවසීය.

ඉදිරියේදී වත් බොරු වචනවලට රැවටෙන්නේ නැතිව ඇත්ත දේශප්‍රේමීන් කවුදැයි ජනතාව විසින් තේරුම් ගත යුතුව ඇතැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්නට යැයි කියා බලයට පැමිණි කල්ලිය විසින් අද රටේ තුන් බිය නිර්මාණය කර තිබෙන බව කී කාරියවසම් මහතා බුදුන්ගේ දවස විශාලා මහනුවරට බලපෑ දුර්භික්ෂ බිය, රෝග බිය මෙන්ම අමනුෂ්‍ය බිය අද ලංකා සමාජයේ ව්‍යප්ත වෙන්නට පටන් ගෙන තිබෙන බව කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com