ඉතිහාසයේ ප්රථම වතාවට කොළඹ කොටස් වෙළෙදපොල සමස්ත මිල දර්ශකය 12,000 පනී

වසර 10ට පසු කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්රමාණය ඉහළම අගය වාර්තා කරයි
කොළඹ කොටස් වෙළෙදපොල සමස්ත මිල දර්ශකය (24) ඉතිහාසයේ ප්රථම වතාවට දොළොස් දහසේ සීමාව ඉක්මවා ගියා.
නත්තල් උදාව හේතුවෙන් (24) දිනයේ දහවල් 12.30 වන විට ගනුදෙනු නිමා කළ අතර සමස්ත මිල දර්ශකය සටහන් වූයේ දොළොස් දහස් හැත්තෑවයි දශම හයයි අටක් ලෙසින්. එය ඒකක 119 ශත 45ක නැතහොත් සියයට 1ක වැඩිවීමක් ලෙසයි සැලකෙන්නේ. ප්රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද 4255.63ක් ලෙස ඉහළ ගියා.
කොටස් වෙළෙදපොලේ (24) දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස සටහන් වුණා.