ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් 43ක් අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 20ක් සමග ඩිංගි යාත්‍රා 08ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 43ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ඩෙල්ෆ් ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේදී ධීවර යාත්‍රා හයක ඉන්දීය ධීවරයන් මෙසේ අත්අඩංගුවට පත්වූ බව කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම ධීවරයන් සහ යාත්‍රා මයිලඩි ධීවරවරායට රැගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.