පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍රය ලග තබා ගැනීම අනිවාර්යයි – භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය

පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍රය ලග තබා ගැනීම අනිවාර්යයි - භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය

පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍රය ලග තබා ගැනීම අනිවාර්යයි - භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය

අලෙවි කිරීම සඳහා පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍රය ලග තබා ගැනීම අනිවාර්යය බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා. සිය කාර්යංශය මගින් නිකුත් කරන පස් ප්‍රවාහන බලපත්‍රයේ ගමන ආරම්භ කරන ස්ථානය සහ ගමනාන්තය ද සටහන් කර තිබිය යුතු බවයි භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ – නීති කාංචනා ප්‍රනාන්දු පැවසුවේ.

අලෙවි කිරීම සඳහා පස් ප්‍රවාහනය කරන අයෙකුට එම බලපත්‍රය නොමැතිනම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වනවා. එවැනි පුද්ගලයෙකු මුදා හැරීමට පොලීසියට හැකියාවක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ – නීති කාංචනා ප්‍රනාන්දු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව පස් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ලොරි රථයක් සහ එහි රියදුරා අධිකරණයට ඉදිරිපත් නොකර ස්ථානාධිපතිවරයාගේ බලපෑම් මත මුදා හැරීමේ පුවතක් පිළිබඳ නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළා. බණ්ඩාරගම පොලිස් ස්ථානයට අනියුක්ත උප පොලිස් පරීක්‍ෂකවරයෙකු විසින් අදාළ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. ලොරි රථයේ අංකය ඩබ්ලිව් පී එල් එන් 7397 වන අතර අත්අඩංගුවට ගත් රියදුරා දුමින්ද සම්පත් අල්විස් වීරසිංහ නමැත්තෙක්.

සැකකරු සහ ලොරි රථය අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබියදී බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත මුදාහැර තිබෙනවා.

අත්අඩංගුවට ගැණුනු ලොරි රථයට පස් ප්‍රවාහනය සදහා බලපත්‍රයක් ඇති බවත් පොලීසිය පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේ රියදුරු සතුව එම බලපත්‍රය තිබී නොමැති බවත් එහිදී ප්‍රකාශ වී තිබෙනවා. පස් ප්‍රවාහනය කරන අවස්ථාවේදී භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය මගින් නිකුත් කරන බලපත්‍රයේ මුල් පිටපත ලග තබා ගැනීම අනිවාර්ය කර තිබියදි අදාළ සැකකරු සහ ලොරි රථය අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැරීම නීතියට පටහැනි බවයි නෙත් නිවුස් පෙන්වා දුන්නේ.

මෙම සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට පෙර බණ්ඩාරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසීමට නෙත් නිවුස් උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැහැ. කෙසේවෙතත් එම පුවත ප්‍රචාරය වීමෙන් පසු ඔහු නෙත් නිවුස් වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ තමන් පස් ප්‍රවාහනය කළ අදාළ පුද්ගලයා මුදා හැරියේ ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බවයි.

– neth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *