මැල්කම් X ඝාතනය: අවුරුදු 41ට පසු හෙලි වූ සත්‍යය

නොවැම්බර් 18 වැනිදා ඇමරිකානු අධිකරණ කේෂ්ත්‍රයේ කළු පැල්ලමක් ඇතිකරනු ලැබූ දිනයක් හා සමානාත්මතාවය වෙනුවෙන් කළු ජනතාවගේ අරගලය නැවත වරක් ලොව පුරා කතා බහට ලක්වූ දිනයක් විය. එනම් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 1965 පෙබරවාරි 21 වැනිදා 60 දශකයේදී සුදු ජාතිවාදයට එරෙහිව දැවැන්ත අරගලයක් සිදුකල විමුක්ති නායකයෙකු වූ මැල්කම් X ඝාතනය සම්බන්ධයෙන් රජයේ ඍජු මැදිහත් වීම පිලිගනු ලැබීමයි. එසේම එම ඝාතනය සිදු කල බවට අසත්‍ය චෝදනා ගොනුකර සිරගත කල චුදිතයන් ගෙන් සමාව ගැනීමට සිදුවීම ඉතිහාසයේ සරදමක් සිදුකල දිනයක් බවටද පත්විණි.

මෙම චෝදනාවෙන් නිර්දෝෂී බවට පත් වූ MUHAMMAD AZIZ හා khalil ISLAMගේ දරුවන් තමන්ට සිදුවූ අසාධාරණයට වන්දි ගෙවන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටි. MUHAMMAD AZIZ මේ වනවිට අවුරුදු 83ක් වයසේ පසුවන අතර khalil ISLAM 2009දී මියගොස් ඇත. මෙම දෙදනාම වසර 20 බැගින් තම සිර දඩුවම් කාලය විඳ නිදහස ලබා ඇත.

ඇමරිකානු අභ්‍යන්තර ඔත්තු සේවය( FBI) හා නිව්යෝර්ක් පොලීසිය විසින් එක්ව සිදුකරන ලද විමර්ශනයකින් පසුව ප්‍රකාශ කර සිටිනුයේ malkom X ඝාතනයෙන් සති කීපයකට පසුවත් අදාළ චුදිතයින් අදාළ ඝාතනයට කිසිදු සම්බන්ධකමක් නොමැති බවට ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‍ෂි ඕනෑ තරම් පොලීසිය සතුව පැවැති බවත් හා අදාළ ඝාතනය සිදුකල සැබෑ ඝාතකයින් පිළිබඳවද හොඳින්ම දැන සිටි බවත්ය. 1977 දී FBI හා නිව්යෝර්ක් පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් තෙවන විත්තිකරුවෙකුද ඉහත චුදිතයින් දෙදනා විසින් මෙම ඝාතනය සිදු කල බවට හා එයට සහභාගී වූ බවට යයි පවසා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ වනවිට තවමත් ජිවිතුන් අතර සිටින MUHAMMAD AZIZ තමාට සිදුවූ කායික, මානසික අලාභයට හා නීති විරෝධී ලෙස සිරගත කිරීමට එරෙහිව වන්දි ලෙස ඩොලර් මිලියන 40ක් ඉල්ලා නිව්යෝර්ක් පෙඩරල් ආණ්ඩුවට එරහිව නඩු පවරා ඇත. “බොරු චෝදනා ඉදිරිපත් කරමින් මගේ දරුවන්ට පියෙකු, බිරිඳට ස්වාමියකු, මිණිබිරියන්ට සීයා කෙනකු අහිමි කල ඇමරිකානු රජය මෙහි වගකීම භාරගෙන වින්දිතයින්ට සාධාරණත්වය ඉටු කල යුතුයි” MUHAMMAD AZIZ මාධ්‍ය අමතා පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *