මිලියන 50කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා සේවිකාවන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

මිලියන 50කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

මිලියන 50කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ දිර්ඝ කාලයක සිට සිදුව ඇති බව කියන රුපියල් මිලියන 50කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් එම කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට එම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළ බව පළාත් සොඛ්‍ය කාර්යාලය පවසයි.

එම මුදල් වංචාව සම්බන්ධයෙන් (14) අදාළ බලධාරින් කොළඹට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරිමෙන් අනතුරුව අභ්‍යන්තර පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.

සොඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුක්ත නොවන පුද්ගලයන්ගේ නම්වලට ව්‍යජ ගිණුම් සකස් කර මොවුන් කලක පටන් එම ගිණුම්වලට පළාත් සොඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් බැර කර තිබෙන බව පරිබා මගින් අනාවරණය කර ගෙන තිබේ.

පළාත්සොඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයට මේ වනවිට මුද්‍රා තබා තිබෙන අතර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයටද මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදා ඇත.

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ අතර විගණන අංශය මගින් කළ පරික්ෂණයකදී අදාල වංචාව සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබූ අතර එය අනාවරණය වීමත් සමග එහි ඉහළ පෙළේ නිලධාරිනියකට රජයේ ආයතනයකට මීට පෙර ස්ථානමාරුවීම් ලබා දී තිබිණි.මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ සිද්ධිය සම්බන්ධ මේ වනවිට වැඩ තහනම් කොට ඇති ගිණුම් ලිපිකාරිනියන් දෙදෙනාට විදේශගත වීම ක් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් පළාත් ලේකම්වරයාට උපදෙස් දුන් බවත් ඒ අනුව ඔහු ක්‍රියා කර ඇති බවත්ය.

පළාත් සභාවට අයත් අමාත්‍යාංශවල මුදල් වැය කිරීම නිසිලෙස විමර්ශනයට ලක් වූයේ නම් මේ ආකාරයෙන් මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ මෙවනි වංචාවක් සිදු කළ නොහැකි බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *