දේශීය පුවත් වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට හිග වැටුප් ගෙවන ලෙස නියෝග කරයි Editor 7 December 16, 2021 0 සිංහල කාන්තාවන් දහස් ගණනකට වද සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නිදහස් කරනු ලැබූ, කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට හිග වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නියෝග කර තිබෙන බව දැන ගන්නට ඇතැයි, නීතීඥ චානක අබේවික්‍රම පවසයි.වද සැත්කම් කරන ලද බවට චෝදනා කරමින් වෛද්‍ය ශාෆී සහාබ්දීන් අත් අඩංගුවට ගත් පසු, ඔහුගේ සේවය අත්හිටුවා නැති අතර, සිදුකර තිබෙන්නේ ඔහු අනිවාර්ය නිවාඩු යැවීම පමණක් බවත්, ඒ හේතුව මත, ඔහුට ගෙවීමට තිබෙන හිග වැටුප් ගෙවන ලෙස නියෝගය නිකුත් කර තිබෙන බවද නීතීඥවරයා පවසයි.ෂාෆී ශහාබ්දීන් සම්බන්ධයෙන් පළමු ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදු කරන ලද්දේ දිවයින පුවත්පතයි. ඒ, 2019 වසරේ මැයි මාසයේ 23 වන දා ය.ඊට දින කිහිපයකට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත් අඩංගුවට ගනු ලැබී ය.පරික්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ෂාෆී සහාබ්දීන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සනාත කිරීමට සාක්ෂි නොමැති බව අධිකරණය හමුවේ කරුණු දැක් වී ය.අත් අඩංගුවට ගෙන මාස දෙකකට පමණ පසු, 2029 වසරේ ජූලි මාසයේ 26 වන දා ඔහු ඇප මත මුදා හැරියේ ය. About The Author Editor 7 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ගුටිකෙළියක්Next වසර එක හමාරකට වැඩි කාලයක් සිරගත කොට සිටි ගුරු අහ්නාෆ් ජසීම් ඇප මත මුදා හරීයි More Stories දේශීය පුවත් පාරිසරික වනාන්තර පද්ධතිවලට සිදුවන හානි දැනුම්දීමට 1955 යන ක්ෂණික දුරකතන අංකයක් Editor3 November 3, 2025 0 දේශීය පුවත් ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31ක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට Editor3 November 3, 2025 0 දේශීය පුවත් වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක් Editor3 November 3, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ