ඔමික්‍රොන්ට එරෙහිව Pfizer සමාගමෙන් පෙත්තක් සහ චීනයේ Brii Biosciences සමාගමෙන් ප්‍රතිදේහ මිශ්‍රණයක්

0
ඔමික්‍රොන්ට එරෙහිව Pfizer සමාගමෙන් පෙත්තක් සහ චීනයේ Brii Biosciences සමාගමෙන් COVID-19 ප්‍රතිදේහ මිශ්‍රණයක්

ඔමික්‍රොන්ට එරෙහිව Pfizer සමාගමෙන් පෙත්තක් සහ චීනයේ Brii Biosciences සමාගමෙන් COVID-19 ප්‍රතිදේහ මිශ්‍රණයක්

කොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා මේ දක්වා සාර්ථක එන්නතක් නිපදවූ Pfizer සමාගම නවතම කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රොන්ට එරෙහිව ප්‍රතිඵල සාර්ථකවන පෙත්තක් නිපදවූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
අවසාන විශ්ලේෂණයට අනුව, Pfizer හි ප්‍රතිවෛරස් COVID-19 පෙත්ත ඉහළ අවදානම් සහිත රෝගීන්ගේ රෝහල්ගතවීම් සහ මරණවලට එරෙහිව සියයට 90ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව ඔවුන් සඳහන් කර තිබේ.

මේ අතර චීනයේ Brii Biosciences සමාගම මගින් Omicron ප්‍රභේදය හා සටන් කළ හැකි COVID-19 ප්‍රතිදේහ මිශ්‍රණයක් නිර්මාණය කිරීමට සමත් වූ බව ප්‍රකාශ කරයි. පසුගියදා සිදුකළ එම මිශ්‍රණයේ විද්‍යාගාර පරික්ෂණ හරහා ඒ බව ඔප්පු වී තිබෙන බව එම සමාගම සදහන් කරයි.මෙහිදී එම ප්‍රභේදයට එරෙහිව ද්විත්ව-ප්‍රතිදේහ ප්‍රතිකාර ක්‍රමයක් යොදා ගන්නා බව Brii Biosciences සමාගම සදහන් කරයි. මෙය චීනය තුළ අනුමත කෙරුණු පළමු වැනි ප්‍රතිදේහ මිශ්‍ර කිරිමේ ප්‍රතිකාර ක්‍රමයද වෙයි.

පසුගිය සතියේදී ඊට අදාළ අනුමැතිය හිමිවීය. මේ දක්වා විද්‍යාගාර තුළදී එම මිශ්‍රණය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂා කිරීම් තුනක් සිදුකර ඇති අතර,එහිදී එකම ප්‍රතිඵල ලැබී ඇතැයි Brii Biosciences සමාගම් ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.කෙසේ වෙතත් මෙතෙක් එම ප්‍රතිදේහ මිශ්‍රණ ප්‍රතිකර්මය සඳහා කිසිදු ඇණවුමක් ඉදිරිපත්වී තිබෙන බවත් එම සමාගම අනාවරණය කර නැත. එහෙත් වසර 2022 සහ 2023 දී පිළිවෙළින් මාත්‍රා මිලියනය බැගින් නිපදවීමට තමන්ට හැකි බව එම සමාගම සදහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

WP2Social Auto Publish Powered By : XYZScripts.com