100% කඩදාසි භාවිතය නැවැත්වීමට ඩුබායි තීරණයක්

100% කඩදාසි භාවිතය නැවැත්වීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් තීරණයක්

100% කඩදාසි භාවිතය නැවැත්වීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් තීරණයක්

සියයට 100 ක් කඩදාසි භාවිතය නැවැත්වීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවර තීරණය කර තිබේ.

ඩුබායි වැසියන් සඳහා සියයට 100 ක් ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දී ඇති බැවින්, ඔවුන්ට කඩදාසි භාවිතය අවශ්‍ය නොවන බවත්, ඒ අනුව ඩිරාම් බිලියන 1.3 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවත් එමිරේට්ස් ඔටුන්න හිමි කුමරු ෂෙයික් හම්දාන් බින් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් පැහැදිලි කර තිබේ.

ඩුබායි රජයේ සියලු කටයුතු සිදුවන්නේ ද ඩිජිටල් ක්‍රමයටය. ‘නව්‍යකරණයට ලක් වෙමින්, නව තාක්ෂණය සමඟ බද්ධ වෙමින්, ඩුබායි නගරය ඩිජිටල්කරණයට ලක් කර තිබෙනවා. මෙය අනාගතය වෙනුවෙන් ගත් තීරණයක්. කඩදාසි භාවිතය නැවැත්වීම පරිසරය වෙනුවෙන් ගත් යහපත් තීරණයක්’ යැයි ඔටුන්න හිමි කුමරු පෙන්වා දෙයි.

මේ වනවිට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව ද ඔවුන්ගේ ප්‍රධාන නගර සියයට 100 ක් ඩිජිටල්කරණය කරමින්, කඩදාසි භාවිතය නැවැත්වීමට කටයුතු කරමින් පවතී. ඩිජිටල්කරණය සිදුවෙද්දී, පුවත්පත්, නවකතා ආදිය ද මුද්‍රණය නොවනු ඇති අතර, ඒවා පරිගණක, ජංගම දුරකතන ආදිය ඔස්සේ කියැවීමට හැකි ලෙස නිර්මාණය වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *