2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු (Harnaaz Sandhu)ට

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු (Harnaaz Sandhu)ට

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු (Harnaaz Sandhu)ට

මෙවර විශ්ව රූ රැජින කිරුළ හිස දැරීමට වාසනාව හිමිව ඇත්තේ ඉන්දියාවේ 21 හැවිරිදි තරුණියකටයි.
ඉලාත් නගරයේ පැවති විශ්ව රූ රැජින තරගයේ දී මෙලෙස කිරුළ දැරුවේ, ඉන්දීය රූ රැජින ලෙස මෙම තරගයට එක් වූ හර්නාස් සන්දු (Harnaaz Sandhu) නමැති තරුණියයි.

විශ්ව රූ රැජින කිරුළ දිනාගත් තුන්වැනි ඉන්දීය සුරූපිනිය ඇයයි.

21 හැවිරිදි හර්නාස් මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන අතර, 2021 වසරේ ඉන්දීය රූ රැජින තරගාවලියක් වන මිස් දිවා” තරගාවලිය ජයග්‍රහණය කළේ ද, ඇයයි.

මෙවර තරගය සඳහා රටවල් 80ක තරගකාරියන් ඉදිරිපත්ව සිටි අතර, ඔවුන් සැම පරදවමින් පන්ජාබයෙන් පැමිණි මෙම සුරූපිනිය එම කිරුළ හිස පැළැඳ ගැනීමට වාසනාවන්ත විය.

තරගාවලියේ දෙවන ස්ථානය පැරගුවේ රාජ්‍යයේ නාඩියා ෆෙරෙයිරා සතු වූ අතර, දකුණු අප්‍රිකාවේ ලලේලා ස්වනේ සතු කර ගත්තාය.

හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුළ හිස පැළඳි ඉන්දීය සුරූපිනියන් වන්නේ, සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා යන දෙදෙනායි.

සුෂ්මිතා සෙන් 1994 වසරේ දී, මෙම කිරුළ ජහිස පැළඳි අතර, ලාරා දත්තා විශ්ව රූ රැජින කිරුළ හිස පැළදුවේ, නව සහස්‍රකයේ දීයී.

මෙම තරගය 70 වැනි විශ්ව රූ රැජින කිරුළ ලෙස ඉතිහාසයට එක් වෙනු ඇත.

ඒ අනුව ඉන්දියාව විශ්ව රූ රැජින කිරුළකින් සැරසෙන්නේ, වසර 21කට පසුවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *