ඉන්ටර්පෝල් වරෙන්තුවකට අවශ්‍යව සිටි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනිය කටුනායකදී කොටුවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 132කට ජාත්‍යන්තර රතු නිවේදන - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 132කට ජාත්‍යන්තර රතු නිවේදන - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජාත්‍යන්තර පොලීසියේ පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත, බ්‍රසීල ජාතික තරුණියක්, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී (09) කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන, ආපසු බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි.

ඇය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියකි. බ්‍රසීල රජය මගින් ඇය අත් අඩංගුවට ගැනීමට සැරසෙන විට, ඇය තායිලන්තය වෙත පැන ගොස් තිබුණි.

එනිසා ඇය අත් අඩංගුවට ගැනීම සදහා බ්‍රසීල රජය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබූ අතර, ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය විසින් ඇය අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තුද නිවේදන නිකුත් කර තිබුණි.

ඇයගේ තායිලන්ත වීසා කාළය නිමා වීම හේතුවෙන්, තායිලන්තයෙන් ඇය මෙසේ ශ්‍රී ලංකාව බලා පිටත්වී තිබේ.

ඒ වනවිටත් ඇය අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇති බව ඇය දැන සිටි අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන මෙසේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා මෙසේ පැමිණ තිබුණි.

ඇය අලුයම 12.00ට තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

මෙසේ පැමිණි ඇය සිය ආගමන නිෂ්කාශන කටයුතු කර ගැනීම සඳහා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන නිලධාරී කවුළුව වෙත පැමිණ සිටියදි ඉදිරිපත් ගුවන් ගමන් බලපත්‍රය සහ ශ්‍රී ලංකාවේ වීසා සඳහා අවශ්‍ය වන ලියකියවිලි, දේශ සීමා තොරතුරු පද්ධතිය සමඟ පරීක්ෂා කල ආගමන විගමන නිලධාරීවරයා, ඇය ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු නිවේදනයක් නිකුත් කර ඇති තැනැත්තියක් බව අනාවරණය කර ගෙන තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ රාජකාරියෙහි නිරතව සිටි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කෙරුණි .

එහිදී මෙම බ්‍රසීල ජාතික තරුණිය තායිලන්තයේ දිගු කළක් රැදී සිටීමෙන් අනතුරුව, ජාත්‍යන්තර පොලීසියට හසුවීමෙන් වැලැකීමට හැකි වන අයුරින්, වෙනත් රටකට ඇතුළු වීම සදහා ඇය සැළසුම් කර ගෙන තිබූ බවත්, ඒ අනුව මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, මේ පිළිබඳව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගැනීමට සමත්වු බව රේගුව සදහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *