“පෝස්ටර් ඉරපු කතාව බොරුවක්, නීතියෙන් බේරෙන්න ආගම ඉස්සරහට දාලා”- ප්‍රියන්තගේ ඝාතන සම්බන්ධ තොරතුරු

පකිස්තානය පොරොන්දු ඉටුකරයි: 330000 මාසික පඩිය හා මිලියන 20ක් ප්‍රියන්ත බිරියගේ ගිණුමට

පකිස්තානය පොරොන්දු ඉටුකරයි: 330000 මාසික පඩිය හා මිලියන 20ක් ප්‍රියන්ත බිරියගේ ගිණුමට

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ අය මාධ්‍ය වෙත දක්වා ඇති තොරතුරු අනුව මෙම ඝාතන සංසිද්ධිය සම්බන්ධ අලුත් තොරතුරු රැසක් ඔවුනට හෙලිකරගත හැකිව තිබේ.
මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමල් සොයුරු ඒ ගැන දන්වා සිටියේ මෙසේය.

“ඒ රටේ ආගමට මුල්තැන දෙනවා මොනව හරි කිව්වොත් ආගම නිසා කියල උසාවිය පිළිගන්නවා.
පෝස්ටර් කතාව බොරුවක්. අවුරුදු 10 ක් තිස්සේ ෆැක්ටරිය පාලනය කරපු එයාට එදාමද පෝස්ටරේ ඉරන්න හිතුනෙ. එහෙම පෝස්ටර් ගහන්න දෙන්නෙත් නැහැ සාමාන්‍යයෙන් ෆැක්ටරිය ඇතුලෙ. ඔ‍ය පොඩියට අපි ‘බුදු සරණයි‘ කියල ගහන ස්ටිකර් වගේ ඉස්ලාම් ආගමේ ඒවා සේවකයෝ තමන්ගෙ මැෂින්වල අලවගෙන ඉන්නවා. ඒව ප්‍රශ්නයක් නැහැනෙ. ඒව බලන්න පොඩි ලෙවල් එකට ගිහින් පාලනය කරන්න එයා යන්නෙ නැහැ. ෆැක්ටරිය ඇතුලෙ ඉද්දි එහෙම ස්ටිකර් බලන්න වෙලාවකුත් නෑ එයාට”.

“ආරංචි විදිහට සිද්ධිය වෙලා තියෙන්නෙ පඩි ප්‍රශ්නයකට තිබුණ වැඩපලේ ස්ට්‍රයික් එකක්.පඩි මදියි කියල ස්ට්‍රයික් කරලා. ඒ දවස්වල අයිතිකාරය හිටියෙත් නැහැ. එයා ජර්මනියේ ගිහින් ඉඳල තියෙන්නෙ. මෙයා ඔෆිස් එකට වෙලා ඉඳල තියෙනවා.
මෙයා කියල ස්ට්‍රයික් කරල හරියන් නැහැ. වැඩ කරන්න පස්සෙ සාකච්ඡා කරමු කියලා. ඊට පස්සෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක් ඔතන කෑගහන කට්ටිය ගාවට ගිහින් මොකක් හරි කිව්ව කියල තමා කියන්නෙ. ආගමේ කතාවක් හදල අවුස්සල එයාට විරුද්ධව . ඒකින් තමයි එකපාරට ඇවිස්සුණා කියල කියන්නෙ”.

“ඔෆිස් එක වහන් හිටියත් ඔෆිස් එක කඩල ඇදගෙන ගිහින් තියෙන්නෙ. පොලිසියත් කීපදෙනෙක් ඉඳල තියෙනවා. දෙදාහක් තුන්දාහක් එකතුවුනාට පස්සෙ පොලිසියටත් කන්ට්‍රෝල් කරන්න බැහැ. ෆැක්ටරියෙ 3000 ක් විතර ඉන්න එකක්. ලංකාවෙ කෙනෙකුට හිටියෙත් මල්ලි විතරයි”

ප්‍රියන්ත මහතාගේ බිරිය මෙසේ කීවාය.
“එයා අවුරුදු 11 ක් තිස්සෙ පකිස්තානෙ. එහේ සංස්කෘතිය මිනිසුන්ගෙ සිතුම් පැතුම් ආගම සියලු දේ ගැන දැනගෙන හැසිරුනේ. පැහැදිලි මනසක් තිබුණ උගත් මනුස්සයෙක්. ඒවගේ කෙනෙක් මෙහෙම පෝස්ටරේ ඉරල ප්‍රශ්නයක් වුණා කියන කතාව මං තරයේ ප්‍රතික්ෂේප කරනවා”.

– GLN

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *