ආණ්ඩු පෙරළියක් ළඟදීම – මරික්කාර්

ආණ්ඩු පෙරළියක් අතළඟ හෙයින් වැරදි වැඩ වලට අනුබල නොදෙන ලෙස නිලධාරීන්ට උපදෙසක් දෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

වර්තමාන රජය රාජ්‍ය ආයතන හරහා දූෂිත ආකාරයෙන් ගණුදෙනු ගණනාවක් සිදුකරමින් සිටින අතර ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමඟි ජන බලවේගයේ රජයක් යටතේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

”වර්තමාන රජය මේ වන විට ඉතාම දූෂිත ආකාරයෙන් ගණුදෙනු ගණනාවක් මේ ආයතනය හරහා කරගෙන යනවා. ඒ නිසා මේ නිලධාරීන්ට අපි කියන්නේ ආණ්ඩු පෙරළියක් අත ළඟ තියෙන්නේ. ඒ නිසා වැරදි වැඩවලට අනුබල දෙන්න එපා. ආධාර උපකාර දෙන්න එපා. ඒවාට හවුල් වෙන්න එපා. මොකද ඊළඟට පිහිටුවන රජයට ඩීල් නැති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන සමඟි ජන බලවේගයේ රජය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන රජයක් කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *