මුදල් වංචාවන්ට හසු වූ කොමසාරිස්ට නැගෙනහිර ආණ්ඩුකාරවරිය විසින් ස්ථාන මාරුවක්

මඩකලපුව නාගරික කොමසාරිස් එම්.දයාබරන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

මඩකලපුව මහ නගර සභාවේ මුල්‍ය වංචාවක නිරත වූ බවට චෝදනා ලැබ එය ඔප්පු වීමත් සමඟ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් මෙලෙස ඔහුව ස්ථාන මාරු කර තිබේ.

නීතියට පටහැනිව ඉඩම්වල නාම වෙනස් කිරීම සහ ඉදි කිරීම් සඳහා අනුමැතිය දීම මෙන්ම ඒ සඳහා අල්ලස් ලෙස ලබා ගෙන ඇති බවත්, මහ නගර සභාවේ පොදු අවශ්‍යතාවයන් සඳහා යැයි පවසා ව්‍යාපාරිකයන්ගෙන්, කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් දැන ගැනීමට ලැබී ඇත.

එමෙන්ම පරිපාලන චක්‍රලේඛ උල්ලංඝණය කරමින් වාහන හතරක් පුද්ගලික පරිහරණයට යොදාගෙන ඇති අතර, උද්‍යානවල ඡායාරූප ගැනීම සඳහා ව්‍යාජ රිසිට්පත් නිකුත් කරමින් දහස් ගණනින් මුදල් අය කර ඇති බවට ද දැනගන්නට ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය විසින් විමර්ශන කමිටුවක් පත් කර ඒ අනුව මෙම හදිසි නියෝගය ලබා දී ඇති බව පැවසේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *