මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් අනතුරු ඇඟවීමක්

නිල නොවන ක්‍රමවේද ඔස්සේ මුදල් යැවීම් සහ එවීම් සිදුකිරීම සඳහා භාවිත කරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අනතුරු අඟවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා පිළිගත් ක්‍රමවේද පමණක් භාවිත කරන ලෙස ද එම ට්විටර් පණිවුඩයෙන් මහ බැංකු අධිපතිවරයා ඉල්ලා තිබේ.

විදේශගත සේවා නියුක්තිකයන්ට ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට වැඩිපුර රුපියල් 10 ලබාගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මස 01වන දින නිවේදනය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *