ඉස්ලාමීය රටවල තානාපතිවරු හා මහ කොමසාරිස්වරු අගමැතිවරයා හමුවෙති – සහයෝගය ඉල්ලයි

ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30) රාත්‍රි කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදි පැවැත්විණි.

මෙම සුවිශේෂි හමුව සහ රාත්‍රි භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාතය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාකේ ආරාධනාවකට අනුවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි පැමිණි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත විය.

කොවිඩ් – 19 වසැංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග මෙහි පැමිණ සිටි තානාපති හා මහ මහ කොමසාරිස්වරුන්ගේ ඇගයීමට ලක් විය.

ඉස්ලාමීය රටවල් සමඟ දරනට පවතින ද්වීපාර්ශවික සබඳතා අඛණ්ඩය පවත්වාගෙන යාම සහ අන්යොන්‍ය ක්‍රියාකරකම් හා වයාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම සම්බන්ධයෙන් තානාපතිවරු මෙහිදී අදහස් පළ කළහ.

වසැංගත තත්ත්වය හමුකේ අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වත්මන් රජය දරණ අදහස පිළිබඳව මෙහිදි විදේශ අමාතය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බව මෙහිදි අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ ප්‍රකාශ කළේය.

ඉස්ලාමීය රටවල් නියෝජනය කරන කරමීන් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 15 දෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.

ඕමානය, පලස්තීනය, කුවෙට් රාජ්‍ය, සෞදි ආරාබිය,මලයාසියාව,කටාර්,තුර්කිය,ඉරානය, ලිබියාව,එක්සත් අරාබි එමීර් රාජය, ඉන්දුනීසියාව සහ ඊජීප්තුව ශ්‍රී ලංකා තානාපතිවරු සහ මාලදිවයින, පාකිස්ථානය රටවල් නියෝජනය කරමින් එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරු මෙම අවස්ථාවට එක්වුහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *