හරිත කාර්මිකකරණය ප්‍රවර්ධනයට කර්මාන්ත අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ UNIDO අතර ගිවිසුමක්

හරිත කාර්මිකකරණය ප්‍රවර්ධනයට කර්මාන්ත අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය(UNIDO) අතර ගිවිසුමක්

හරිත කාර්මිකකරණය ප්‍රවර්ධනයට කර්මාන්ත අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය(UNIDO) අතර ගිවිසුමක්

කර්මාන්ත අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර එකඟතා ගිවිසුමක් කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී (30) අත්සන් තැබීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සහ මෙරට එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ නියෝජිත ආචාර්ය රිනෙ වෑන් බර්කල් යන මහත්තුරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

එම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග එළඹි මෙම ගිවිසුමත් සමග ‘හරිත සංකල්පය යටතේ කාර්මිකකරණය ප්‍රවර්ධනය කිරීම’ ඇතුළු එකඟතා අනුව යමින් නව කර්මාන්ත කලාප ඉදිකිරීම ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලු කටයුතු ඉටු කරමින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණයේ ලකුණ,’හරිතමය ලකුණක්’ බවට පත් කිරීමට අවශ්‍ය පුරෝගාමීත්වය ලබාදෙන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *