මහවිරු දින අනුස්මරණ ඡායාරූපයක් මුහුණු පොතේ පළ කළ පුද්ගලයාට අත්වූ ඉරණම

මහවිරු දින අනුස්මරණය සම්බන්ධ ඡායාරූපයක් මුහුණු පොතේ පළ කළ තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා, විශේෂ කාර්ය බළකාය විසින් මන්නාරමේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මියගිය මහවිරුවන්ට ගෞරව කරන්නාක් මෙන් ඡායාරූපයක් මුහුණු පොතේ පළ කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබී ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයාව මන්නාරම් පොලීසිය වෙත භාර දී ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු මන්නාරම් පොලීසිය විසින් සිදු කරමින් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *