මෙවර අයවැය තුන් ආකාරයකින් ජනතාව රැවටූ ප්‍රෝඩාකාරී අයවැයක් – විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය

මෙවර අයවැය තුන් ආකාරයකින් ජනතාව රැවටූ ප්‍රෝඩාකාරී අයවැයක් - විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය

මෙවර අයවැය තුන් ආකාරයකින් ජනතාව රැවටූ ප්‍රෝඩාකාරී අයවැයක් - විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය

මෙවර අයවැය තුන් ආකාරයකින් ජනතාව රැවටූ ප්‍රෝඩාකාරී අයවැයක් බව විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ සඳහන් කරයි.

ඒ එම මධ්‍යස්ථානය මේ බව පැවසූවේ එහි සභාපති දසුන් උදාර විජේසේකර, උපසභාපතිවරයකු වන වෛද්‍ය ෆාජිල් යාකූබ්, ලේකම් සබරගමු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්තී මනෝජ් රණසිංහ, භාණ්ඩාගාරික ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්තී කනිෂ්ක නිරෝශන්, ජාතික මෙහෙයුම් මණ්ඩල සාමාජිකයින් වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්තී ජනක අතපත්තු, යාපනය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්තී ඉංජිනේරු රවිඳු ලංකාප්‍රිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්තී වෛද්‍ය විලාසි මන්දිරා, HND ආදි විද්‍යාර්තී ජනිත රාජසිංහ, මොරටුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්තී ඉංජිනේරු අරෝෂ හංසිත යන අයගේ ප්‍රධානත්වයෙන් (28) පැවති මාධ්‍ය හමුවකදීය.

ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය සඳහා වත්මන් ආණ්ඩුව විසින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලට මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවති අතර එහිදී විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය විසින් 2022 වර්ශය සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාලව අයවැය යෝජනාවලියක් ඔක්තෝබර් මස 09 දින මුදල් අමාත්‍යංශය වෙත යොමු කළ බවත් එම යෝජනාවලියේ අඩංගු කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරිණි.

අයවැයේ තුන්ආකර ප්‍රෝඩාවන් ගැන පැහැදිලිකරමින් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ සභාපති දසුන් උදාර විජේසේකර සඳහන් කර සිටියේ, මහජනතාවට අයවැය යෝජනා ලබාදෙන ලෙස ආණ්ඩුව කළ ප්‍රකාශයත් අයවැයේ අන්තර්ගතයත් මෙන්ම අයවැයෙන් රටට පෙන්වීමට උත්සහ කරන චිත්‍රයත් ප්‍රෝඩාකාරී බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති දසුන් උදාර විජේසේකර…

“මෙවර අධ්‍යාපනයට 07%ක් වෙන් කළ බව ආණ්ඩුව ප්‍රචාරය කළ නමුත් ආණ්ඩුවේම ඇස්තමේන්තු මුදල් අනුව පසුගිය වර්ශයට වඩා මුදල් ප්‍රතිපාදන කප්පාදු කර තිබේ. මෙවර අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 169ක් පමණි. නමුත් අධ්‍යාපන කැබිනට් අමාත්‍යංශයට සහ අනෙකුත් රාජ්‍ය අමාත්‍යංශයන්ට අයවැයෙන් ඇස්තමේන්තු කළ මුදල තුළ පහසුවෙන් හඳුනාගත හැකි සෘජු ලෙස අධ්‍යාපනයට සම්බන්ධ නොවන වියදම් ඉවත් කිරීමෙන් පසු සැබෑලෙසම වෙන්වන මුදල රුපියල් බිලියන 164ට වඩා අඩු අගයකි.

2022 වර්ශය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම දේශීය සහ විදේශීය ණය පොලී වාරික ගෙවීම් හැර රුපියල් බිලියන 3,912කි. ඒ අනුව අධ්‍යාපනයට වෙන්කළ මුදල රාජ්‍ය වියදමින් ප්‍රතිශතයක් ලෙස 4.19%ටත් අඩු අගයකි. අධ්‍යාපනයට වෙන් කළ මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් එය 0.89%ටත් වඩා අඩු අගයකි.

තවද විශ්වවිද්‍යාලවල යටිතලපහසුකම් සංවර්ධනය කිරීමට සහ ග්‍රාමීය පාසල් සංවර්ධනයට ගියවර වෙන්කල මුදලට සාපේක්ෂව මෙවර දැඩි මුදල් කප්පාදුවකට ලක්කර තිබේ. අධ්‍යාපනය යනු රටක ආයෝජයක් ලෙස සිතනවානම් පාලකයින් මෙසේ මුද කප්පාදු කරන්නේ නැත.

මේ සියල්ල සැලකූ විට මෙවර අයවැයද දැවැන්ත ප්‍රෝඩාකාරී අයවැයක් බව පැහැදිලි වේ.

විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ ක්‍රියාකාරී මධ්‍යස්ථානය ලෙස ජනතාවගෙන්, විශේෂයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබ මේ වනවිට විවිධ වෘත්තීන්වල විවිධ ක්ෂේත්‍රවල නියැලී සිටින සියලුම දෙනාට වර්තමානයේ මේ ඇතිවී තිබෙන අර්බුධයන් හමුවේ ඒ සඳහා සාමුකික විසඳුමක් වෙනුවෙන් ක්‍රියාකාරී මැදිහත්වීම ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

උපසභාපතිවරයකු වන වෛද්‍ය ෆාජිල් යාකූබ් මේ මාධ්‍ය සාකච්චාව දෙමළ බසින් ඉදිරිපත් කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *