අමුද්‍රව්‍ය හිඟවීම නිසා පාවහන් සහ සම් භාණ්ඩ කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ

අමුද්‍රව්‍ය හිඟවීම නිසා පාවහන් සහ සම් භාණ්ඩ කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ

අමුද්‍රව්‍ය හිඟවීම නිසා පාවහන් සහ සම් භාණ්ඩ කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ

පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන් ක්ෂේත්‍රයේ ලක්ෂ පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

රටේ පාවහන් නිෂ්පාදනනයෙන් සියයට 95ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය කර මෙරටදීම නිපදවීමට හැකියාව තිබියදී එයට අවස්ථාව මගහැර එම අවස්ථාව අහිමි කර ඇත්තේ විදෙස් රටවලින් ගජ මිතුරන්ට බාල නිමි භාණ්ඩ ගැන්වීම සඳහා අවස්ථාව ලබා දීමට දැයි සැකයක් මතුවන බව එම සංගමයේ උප සභාපති ප්‍රියංක නෙවිල් මහතා කොළඹදී (28)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

අයවැය සකස් කිරීමට පෙර තම සංගමයද අදහස් හා යෝජනා බලධාරීන් ඒවා මග හැර ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවයට පත්කරවමින් දේශීය පාවහන් නිෂ්පාදකයාද වළපල්ලට දමමින් තීන්දු තීරණ ගන්නා බව පෙනී යන හෙයින් වහාම වගකිවයුතු බලධාරීන් මැදිහත්වී දේශීය පාවහන් නිෂ්පාදකයන්ට අවශ්‍ය සහන ලබාදෙන ලෙස ප්‍රියංක නෙවිල් මහතා ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය නොවන ඇපල්,චීස් වැනි ආහාර සඳහා වැය කරන ඩොලර් රටේ පාවහන් සහ සම් භාණ්ඩ ඇතුළු මෙරට නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට යොදවන්නේ නම් රටේ නිෂ්පාදනය වැඩිකර අමතර නිෂ්පාදන අපනයනය කර ඩොලර් උපයා ගැනීමේ හැකියාව ලැබෙන බව පැවසූ උපසභාපතිවරයා නිෂ්පාදන කටයුතු ඇණ හිටීම නිසා බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් අද මතුව ඇතැයිද ප්‍රකාශ කළේය.

වරායට ගෙන්වා ඇති අමුද්‍රව්‍ය කන්ටේනර් පවා ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට ඇතැම් නිෂ්පාදකයන්ට නොහැකිවී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ පාවහන් නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයින් සපුරන බවත් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඉඩප්‍රස්ථාව සලසන්නේනම් රටේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් සිදු කළ හැකි බවත් ඔහු කීය.

මෙම ක්ෂේත්‍රයෙන් ජාතික ආදායමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආදායමක් ලැබුණු බව පැවසූ ප්‍රියංක නෙවිල් මහතා චීනයෙන් හා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සලසන්නේනම් අපනයන තවත් පුළුල් කළ හැකි බවද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *