කැලණි ගඟට අපද්‍රව්‍ය එක් කරන ස්ථාන1700ක් – මධ්‍යම පරිසර අධිකාරිය

කැලණි ගඟට අපද්‍රව්‍ය එක් කරන ස්ථාන1700ක් - මධ්‍යම පරිසර අධිකාරිය

කැලණි ගඟට අපද්‍රව්‍ය එක් කරන ස්ථාන1700ක් - මධ්‍යම පරිසර අධිකාරිය

කැලණි ගඟට ස්ථාන 1700 කින් අපද්‍රව්‍ය එක් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයක දී හෙලිවී ඇත.

මෙම ස්ථාන 1700ම පිහිටියේ කැලණි ගෙඟ් අවිස්සාවේල්ල සිට පෑලියගොඩ දක්වා වූ ප‍්‍රදේශයේ දී පමණක් බව එම අධ්‍යයනයේ දී හෙලි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.

මෙරට පිහිටි ගංගා 103න් දූෂිතම ගංගාව සේ සැළැකෙන කැලණි ගඟට අපද්‍රව්‍ය දමන මෙම ස්ථානවලින් අති බහුතරය සීතාවක ආයෝජන කලාපයේ කම්හල් බවද ඔහු සඳහන් කළේය.

මෙසේ අපද්‍රව්‍ය එක් කිරීම මහා පරිමාණයෙන් සිදුවන බවත් ඒ පිිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු යැයි තීරණය කළ බවත් කී අමාත්‍යවරයා නාවික හමුදාව සමග තමන්ම ගඟ ඔස්සේ ඉහළට ගොස් ඒ පිළිබ`දව දැක බලා ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

මධ්‍යම පරිසර අධිකාරිය කළ මෙම අධ්‍යයනය මෙරට ගංගා 103 සම්බන්ධවම කළ බවත් ගංගාවන්ට අපද්‍රව්‍ය දමන ස්ථාන 11000 එම අධ්‍යයනයේ දී සොයා ගත් බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් කැලණි ගඟ පිිරිසිදු කිරීමට විශේෂ ස්ථානයක් ලබා දී අනෙක් සියලූ ගංගාවන් ද පිරිසිදු කරන්නට පියවර ගන්නා බවත් ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *