‘ඔමික්‍රොන්‘ නව කොවිඩ් ප්‍රභේදය නිසා රටවල් 8 කට මෙරටට ඇතුළුවීම තහනම්

ඔමික්‍රොන් නිසා ශ්‍රී ලංකාවෙන් රටවල් 8 කට සංචාරක තහනමක්

ඔමික්‍රොන් නිසා ශ්‍රී ලංකාවෙන් රටවල් 8 කට සංචාරක තහනමක්

(27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ , මොසැම්බික්, එස්වාටින් හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළුවීම තහනම් කර තිබේ.

දකුණු අප්‍රිකාවෙන් මතුව ඇති බවට හඳුනාගෙන ඇති භයානක ‘ඔමික්‍රොන්‘ නව කොවිඩ් ප්‍රභේදය නිසා මෙම පියවර ගෙන ඇත.
දැනට ගමන් වාරයොදාගෙන තිබූ (27) පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බවටද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.

අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ටද මෙරටට ඇතුළුම තහනම්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *