එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධානයෙන් (UNV) සිරස ගම්මැද්දට සම්මානයක්

ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවා ප්‍රවර්ධනය කිරීමට ගෙන ඇති දායකත්වය අගයමින් එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධානය ගම්මැද්ද සඳහා සම්මානයක් පිරිනමා තිබේ.

මාධ්‍ය කාණ්ඩයේ එම සම්මානයට ගම්මැද්ද තෝරාගනු ලැබුවේ විශේෂ ජූරියක් විසිනි.

එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවක වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය වසර කිහිපය තුළදී ගම්මැද්ද ස්වේච්ඡා සේවා සඳහා කළ දායකත්වය ඇගයිය යුතු බවත් ඒ සඳහා දෙසැම්බර් 07 වැනිදා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවා සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනමන බවත් ය.

ගම්මැද්ද මෙරට දිස්ත්‍රික්ක 25 තුළ ම ක්‍රියාත්මක බිම් මට්ටමේ විශාලතම වැඩසටහනයි.

2016 වසරේදී එක්සත් ජාතීන්ගේ ලෝක මානුෂවාදී සම්මේලනයේදී ද ගම්මැද්ද පිළිගැනීමට ලක්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *