ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් (26) දින පස්වරුවේ “සායනික මහාචාර්ය” පදවි පිරිනැමිණි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ 54 වැනි වාර්ෂික සමුළුවේ සමාරම්භය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේ මෙම සායනික මහාචාර්ය පදවි පිරිනැමීම සිදුවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ මෙම සමුළුවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියද එක්ව සිටියාය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්වන මහාචාර්ය ඩබ්ලිව්.අයි. අමරසිංහ, එරන්දි සමරකෝන්, එම්.සදානන්දන්, එස්.එල්.එෆ්. අක්බාර්, එස්.කේ රණරාජා, සනත් ලැන්රෝල්, එස්.බී ඒකනායක, ගෞරි සෙන්තිල්නාදන්, එස්.ශිවසුමිත්‍රන්, රාණි සීතාම්භපිල්ලේ, දර්ශන ද සිල්වා, එම්.එන් ජිෆ්රි, ටී.කටොට්ගජන්, ක්‍රිෂාන් සිල්වා, නිශේන්ද්‍ර කරුණාරත්න, එච්.එම්.ජේ.එන්.හේරත් මහත්ම මහත්මීහු මෙලෙස සායනික මහාචාර්ය පදවි සහතික අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ලබා ගත්හ.

මහාචාර්ය ඩී.ඒ රණසිංහ අනුස්මරණ දේශනය මෙහිදී මහාචාර්ය එස්.එච් දොඩම්පහල මහතා විසින් පවත්වන ලදි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ඒ සඳහා වු ආරාධනය කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ අනුශාසක මහාචාර්ය ඩබ්ලිව්.අයි අමරසිංහ, සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා ඇතුළු එම විද්‍යාතනයේ නිලධාරී මඩුල්ලට අයත් විශේෂඥ වෛද්‍යවරු ඇතුළු මහත්වරු පිරිසක් එක්ව සිටියහ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *