ඉදිරියේදී නැගෙනහිර පළාතේ ආධිපත්‍යය සිංහල ජනයාගේ අතේ? – චානක්‍යන්

නැගෙනහිර පළාතේ ද්‍රවිඩයන් සහ මුස්ලිම්වරුන් එකමුතුව ක්‍රියා නොකළහොත්, නැගෙනහිර පළාත තුළ ඉදිරියේදී සිංහල ජනයාගේ ආධිපත්‍යය වැඩි වේ යැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.චානක්‍යන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ (24) වන දින කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව හමුවූ අවස්ථාවේදීය.

මේ අවස්ථාවේ දී තවදුරටත් අදහස් දැක්වූ ඔහු, “ඇත්ත වශයෙන්ම මා දන්නා තරමින් මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස, සියළුම ජන කොට්ඨාස වෙනුවෙන් හඬ නඟන කෙනෙකු වශයෙන් මා සිතමි.

ඇතැම් මුස්ලිම් දේශපාලඥයින් අතර මතයක් ගොඩ නැගී තිබෙනවා. මොහු කුමකටද අපගේ ගැටළු පිළිබඳ කතා කරන්නේ? කියා. කෙසේ වෙතත් මම සියළු ගැටළු සඳහා හඬ නගමි.

එයින් මුස්ලිම් සහෝදරයන් අතර ඉතා හොඳ ප්‍රතිචාර ලැබී ඇත. ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් හඬ නඟන විට අපට ලැබෙන ප්‍රශංසාවලට වඩා, මුස්ලිම් ජනතාවගේ ප්‍රශංසා අධික ලෙස ලැබේ.

මට පෙර කතා කළ කෙනෙකු පැවසුවා අපි එයාලට ඡන්දෙ දෙන්න යන්නේ නැති බව. එය සත්‍යයකි. මා නම් එම ඡන්ද බලාපොරොත්තුවෙන් කිසිවක් නොකළෙමි” යැයි පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *