ඇමති කෙහෙළියගේ නොගෙවූ වතුර බිල් වටිනාකම ලක්ෂ 18 පනී!

කොළඹ 07, බුලර්ස් පාරේ, අංක 400/52/එම් දරන ලිපිනයේ පදිංචි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ නිවසේ නොගෙවූ ජල බිල රුපියල් ලක්ෂ 18 ඉක්මවා තිබේ.

මාස කිහිපයක හිඟ බිලල් එකතුවී පසුගිය ඔක්තෝබර් මස අවසන් වනවිට එම ජල බිල රුපියල් දහඅට ලක්ෂ හතලිස්පන්දඑස් හයසිය හැත්තෑවක් (රු. 1,845,670)ක් වී ඇත. මෙම මුදල එකතු වී ඇත්තේ ජල බිල් අංක 10/13/703/300/17 යටතේය.

මෙම නිවසේ මාසික ජල පරිභෝජනය ඇතැම් විට ඒකක 200 ඉක්මවා යන බවද, එකතු වී තිබෙන දඩ මුදල් හිඟය රුපියල් ලක්ෂ 06ක් දක්වා ඉහළ යමින් තිබෙව බවද වැඩි දුරටත් හෙළි වේ. බිල්පත් ගෙවීම ප්‍රමාදවීම හෝ යම් කඩබමකින් පසුව ජල සම්බන්ධතාව විසන්ධි කර නැවත සැපයීම සඳහා අමතර මුදලක් එකතු කර ගැනීම පොදුවේ ක්‍රියාත්මක ක්‍රමවේදයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *