(VIDEO) මේ ආණ්ඩුව පෙරළනවා – උදේ නැගිටිනකොට නිව්ස්වල තියෙයි ආණ්ඩුව ඊයෙ රෑ පෙරළුණා කියලා – රාජිත

ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ඉවත්වීමට දැනටමත් කැමැත්ත පළකර ඇති බැවින් නුදුරේදීම මේ ආණ්ඩුව පෙරළා දමා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි ආණ්ඩුව ඇතුළෙ විශාල ගණනාවක් – තමුන්නාන්සෙලාට ඒ ගණන් කිව්වොත් එහෙම පිළිගන්න එකක්වත් නෑ – විශාල ගණනාවක් අද ආණ්ඩුවෙන් ඉවත් වෙන්නට අපිත් එක්ක කතාකරලා තියෙන්නෙ. සමහර කට්ටිය ඉතාමත්ම ඉක්මනින් ඉවත්වෙලා වෙනසක් කරන්නට හදනවා. නමුත් අපි කියලා තියෙන්නෙ නෑ, එච්චර ඉක්මන් කරන්න එපා, අපිත් ලෑස්ති වෙන්න ඕනෙ රජයක් පිහිටුවන්නට කියලා”

ඕනෙ කෙනෙක් එක්ක පුළුල් එක්සත් පෙරමුණක් අපි හදනවා. මේ ආණ්ඩුව පෙරළනවා, පෙරළලා ඉවරවෙලා ඉතාමත්ම ඉක්මන් දිනක ආණ්ඩුවක් හදනවා. උදේ නැගිටිනකොට ඔයා අන්න නිව්ස්වල තියෙයි ආණ්ඩුව ඊයෙ රෑ පෙරළුණා කියලා”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා දින (17) බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *