ආචාර්ය වජිරා චිත්‍රසේන ට ඉන්දියාවෙන් සුවිශේෂ සම්මානයක්

ආචාර්ය වජිරා චිත්‍රසේන ට ඉන්දියාවෙන් සුවිශේෂ සම්මානයක්

ආචාර්ය වජිරා චිත්‍රසේන ට ඉන්දියාවෙන් සුවිශේෂ සම්මානයක්

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී’ සම්මානය ප්‍රදානය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ ගෝපාල් බාග්ලේ මහතා විසින් අරලියගහ මන්දිරයේදී ඊයේ (17) එම සම්මානය ප්‍රදානය කර තිබුණි.

ඉන්දීය ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවවලින් එකක් වන ‘පද්ම ශ්‍රී සම්මානය’ 2020 වසර සඳහා කලා ක්ෂේත්‍රයෙන් කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රෙස්න සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකොට නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙත එලෙස මිරිනැමිණි.

නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී 2021 නොවැම්බර් 8 වනදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණිය වන වත්සලා දසනායක මෙනෙවිය ‘පද්ම ශ්‍රී සම්මානය’ ලබාගත්තාය.

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව මහතා ද 2002 වසරේදී ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *