Type to search

න්‍යෂ්ඨික ශක්තිය වැනි නව ප්‍රභවයන් තුළින් මිල අවම විදුලි උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට, රුසියාවේ සහාය

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

දෛනිකව වර්ධනය වන මෙරට විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබාදීම මෙන්ම, මිල අධික විදුලි උත්පාදන ක්‍රමෝපායන්ගෙන් බැහැරවීම තුලින් පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින්, පුනර්ජනනීය ක්‍රමවේදයන්ට අමතරව වෙනත් මිල අවම විදුලි උත්පාදන ක්‍රමවේදයන් වෙත ශ්‍රී ලංකාව අනුගත කරවීමේ හැකියාව පිළිබදව සොයාබැලිය යුතු බවත්, ඒ සදහා තම රටේ සහාය සැපයීමට සූදානම් බවත් රුසියානු තානාපති යූරි බී. මාතෙරි මහතා ((Yury B. Materiy) අවධාරණය කරනවා.

(17) පස්වරුවේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකට සහභාගි වෙමින්, රුසියානු තානාපතිවරයා මේ පිළිබදව අදහස් පලකළ බවයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා පවසා සිටියේ, න්‍යෂ්ඨික ශක්තිය වැනි නව ප්‍රභවයන් තුළින් මිල අවම විදුලි උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයාබලා, ශ්‍රී ලංකාවට සහාය වීමට හැකි බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවී ඇති බවත්, වසර 2030 වනවිට ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ ඉලක්ක වෙත තමන් ප්‍රමුඛ අමාත්‍යාංශය යොමු වෙමින් සිටින බව පැවසූ විදුලිබල අමාත්‍යවරයා, තම රටේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මේ ආකාරයෙන් රුසියානු රජයේ අවධානය යොමුවීම පිළිබදව සිය ප්‍රසාදය පළකර තිබෙනවා.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *