අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා 131ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම වේ

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

අත්‍යාවශ්‍ය ඖෂධ හැටකට අයත් මාත්‍රා වර්ග 131ක් සදහා උපරිම සිල්ලර මිල නියම කර තිබෙනවා. විවිධ මිල ගණන්වලට ඖෂධ අලෙවි කෙරෙන බවට ලැබුණු තොරතුරුවලට අනුව මෙම පියවර ගත් බවයි ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ.

උපරිම සිල්ලර මිල නියම කර ඇති මෙම ඖෂධ කිසිවක් එම මිල ඉක්මවා අලෙවි කිරීම තහනම් වනවා. කිසියම් ස්ථානයක පාලන මිල උල්ලංඝනය කරමින් ඖෂධ අලෙවි කෙරෙන්නේ නම් ඒ බව දැනුම් දෙන ලෙස අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. [email protected] යන විද්‍යූත් ලිපිනයට පැමිණිලි කළ හැකි බවද එම අමාත්‍යාංශය කියයි.

එසේ උපරිම සිල්ලර මිල නියම කර ඇති ඖෂධ වර්ග හැටෙන් කිහිපයක් මෙසේයි. ඇමොක්සිලින් මිලි ග්‍රෑම් 625 ක් අලෙවි කළ යුත්තේ රුපියල් 78.55 කටයි. ක්ලැරිත්‍රොමයිසින් මිලි ග්‍රෑම් පන්සිය රුපියල් 96.89 කට අලෙවි කළ යුතුයි. සෙෆියොරොක්සින් මිලි ග්‍රෑම් පන්සියයක් රුපියල් 95.5 යි. සිප්රොෆ්ලොක්සසීන් මිලි ග්‍රෑම් පන්සිය රුපියල් 11.13යි. සෙෆලෙක්සීන් මිලිග්‍රෑම් පන්සියක් අලෙවි කළ යුත්තේ රුපියල් 19.75 කටයි.

ලොසාටන් පොටෑසියම් මිලිග්‍රෑම් විසි පහක් රුපියල් නවයයි ශත හැට දෙකයි. මිලිග්‍රෑම් පනහක් රුපියල් දහතුනයි ශත හතලිස් නවයයි. ඇටෝවාස්ටැටින් මිලිග්‍රෑම් පහක් රුපියල් අටයි ශත හතලිස් එකයි. ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 75 ක් අලෙවි කළ යුත්තේ රුපියල් 3.92 කටයි. මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500 රුපියල් 5.17 යි. ග්ලිබෙන්ක්ලමයිඩ් මිලිග්‍රෑම් 5 රුපියල් 2.87යි. තයිරොක්සින් මිලිග්‍රෑම් 50 අලෙවි කළ යුත්තේ රුපියල් 7.98 කටයි.

ග්ලිපිසයිඩ් මිලිග්‍රෑම් 5 ක් රුපියල් 10.35 යි. පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 ක් රුපියල් 1.71යි. මේ ආකාරයට ඖෂධ වර්ග රැසක් සදහා උපරිම සිල්ලර මිල නියම කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඖෂධවල මිල සියයට සියයකින්,දෙසීයකින් සහ තුන්සියයකින් ආදි වශයෙන් ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව අමාත්‍යංශය අවධාරණය කරනවා. ඩොලරයේ මිල ඉහළ යාමට අනුව පසුගිය අගෝස්තු මාසයේ දී සියයට නවයක ඖෂධ මිල ඉහළ දැමීමකට පමණක් අවසර ලබා දුන් බවයි අමාත්‍යංශය තවදුරටත් පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *