කාබනික පොහොර වලින් තේ වවන්න යනවා කියන එක සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගන්නවා වගේ වැඩක් – ඩිලාන් පෙරේරා

කාබනික පොහොර මේ රටට අවශ්‍ය වුවත් තේ කර්මාන්තය සඳහා කාබනික පොහොර යොදාගැනීම සාර්ථක ක්‍රියාවක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා,බදුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශකර සිටියේය.

“මං දැක්කා සමහර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අහනවා අයවැයෙන් බැරි ඇයි ගෑස් මිල අඩුකරන්න කියලා. ලංකාවෙ ගෑස් හම්බුණොත් පුළුවන්. අපේ රටේ වවන දේවල් පිළිබඳව ආණ්ඩුව වැරදි කළොත් අපේ ආණ්ඩුවෙ ඉඳගෙන අපි ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා.

කාබනික පොහොර අපේ රටට ඕනෙ දැන්. හැබැයි ලෝකෙ කොහෙවත් තේ කර්මාන්තයට කාබනික පොහොර යොදවලා නෑ. ඒ කුණුහරුපේ තේරුම් ගන්න බැරි නම් අපේ ආණ්ඩුවෙ කාලෙට අපිත් අපේ ආණ්ඩුවට කිව්වා තේ කර්මාන්තයට ඔය කාබනික පොහොර කතාව ගේන්න එපා. අපි විතරක් කාබනික පොහොර වලින් තේ වවන්න යනවා කියන එක හරියට සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගන්නවා වගේ වැඩක්. ඔක්කොම එළියේ”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *