ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් යෝජනා කළ පරිදි එකවර – අගමැති එකඟවෙයි

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් යෝජනා කළ පරිදි එකවර ලබා දීමට අගමැති එකඟවී ගුරු වර්ජකයෝ ජයගනිති

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් යෝජනා කළ පරිදි එකවර ලබා දීමට අගමැති එකඟවී ගුරු වර්ජකයෝ ජයගනිති

එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් යෝජනා කළ පරිදි එකවර ලබා දීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී (10) පැවති සාකච්ඡාවේදීයි මෙම තීරණය ගනු ලැබුවේ.

මෙම සාකච්ඡාවට මහින්ද ජයසිංහ, ජෝසප් ස්ටාලින් ඇතුලු ගුරු විදුහල්පති වෘත්තිය සමිති කිහිපයකට අයත් නියෝජිතයන් එක්ව සිටියා. දෙපාර්ශවය අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එළඹෙන අය වැයෙන් වැටුප් විෂමතාවෙන් තුනෙන් එකක් යෝජිත පරිදි එකවර ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එකගත්වය පළ කළා.

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා ඇමති අනු කමිටුව ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුණා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති සාකච්ඡාවේදී ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් වැඩිවීම එකවර ලබාදීමටත් එම වැඩි කිරීම අයවැයෙන් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. මින් පෙර එකඟතාව තිබුනේ තෙවරක් හා දෙවරක් ලෙසින් වුවද වර්ජකයින් උත්සාහය අත්නොහැර එකවර දක්වා වෙනස් කරගන්නා ලදි.

ගුරු හා විදුහල්පති වෘත්තීය සමති සංධානය ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම (10) ඉටුවුන බවද ස්ටාලින් මහතා කී අතර මේ අනුව වර්ජනය අවසන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර සත්‍යග්‍රහයක නිරත වී සිටි පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ සිය සත්‍යග්‍රහය අවසන් කර තිබෙනවා. බෙලහීන කණ්ඩායම් තම සටන අවතක්සේරු කළ බවයි උන් වහන්සේ සදහන් කළේ. පූජ්‍ය සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ජනාධිපති කාර්යාලය අසල පිහිටි උද්ඝෝෂණ භූමියේ දින දහයකට ආසන්න කාලයක් සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *