අලි මිනිස් ගැටුම නිසා පසුගිය වසර දෙක තුළ පුද්ගලයන් 263 දෙනකු සහ අලි ඇතුන් 817 මිය යයි

අලි මිනිස් ගැටුම නිසා 2019 සිට 2021 මාර්තු දක්වා පුද්ගලයන් 263 දෙනකු සහ අලි ඇතුන් 817 මිය යයි

අලි මිනිස් ගැටුම නිසා 2019 සිට 2021 මාර්තු දක්වා පුද්ගලයන් 263 දෙනකු සහ අලි ඇතුන් 817 මිය යයි

දිවයින පුරා පුද්ගලයන් 263 දෙනකු අලි ඇතුන්ගේ පහරදීම්වලින් වසර තුනකදී (2019 සිට 2021 මාර්තු දක්වා) මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට බාර දුන් එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. අලි මිනිස් ගැටුම නිසා එම කාලසීමාවේදී මියගොස් ඇති අලි ඇතුන් සංඛ්‍යාව 817කි.

අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ 2019 වර්ෂයේදීය. මියගොස් ඇති අලි ඇතුන් සංඛ්‍යාව 407කි. අලි මිනිස් ගැටුම නිසා එම වර්ෂයේදී මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 122ක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

අලි මිනිස් ගැටුම නිසා පසුගිය 2020 වර්ෂයේදී අලි ඇතුන් 327 දෙනකු මිය ගොස් ඇති අතර මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 113කි.

මේ අතර අලි මිනිස් ගැටුම නිසා පුද්ගලයෝ 28 දෙනෙක් සහ අලි ඇත්තු 83 දෙනෙක් මෙම වර්ෂයේ(2021)මාර්තු මාසය දක්වා කාලයේදී මියගොස් සිටිති.

අලි ඇතුන් ගෙන් ආරක්ෂාවීම සඳහා සකස් කෙරුණු අලි වැටෙහි දිග පසුගිය වසරේ මාර්තු 31 වනවිට කිලෝමීටර් 4756 කි. එම අලි වැටේ කොටසක් අක්‍රියව පවතින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවේ සඳහන්වේ.

අලි මිනිස් ගැටුම තවමත් අඩුවීමක්වී නැතැයිද කෝපා කමිටුව සඳහන් කරයි.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *