දරුවන් අතර කොරෝනා අසාදනය වීම ඉහළ ගොස් – වෛද්‍ය දීපාල් පෙරේරා

වියළි කාලගුණ තත්වය හේතුවෙන් චර්ම රෝග ව්‍යාප්තියක්

වියළි කාලගුණ තත්වය හේතුවෙන් චර්ම රෝග ව්‍යාප්තියක්

දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
පසුගිය දින කිහිපය තුළ එම වැඩිවීම පෙනී යන බවද ඒ මහතා පැවසීය. එනිසා දෙමාපියන් ලෙස කළ යුතු වන්නේ දරුවන්ද රැකගෙන පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබාදීම බවද ඔහු පවසයි.

කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතියද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහය දිය යුතු බව සඳහන් කළේය.

දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් වහාම නවතා දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *