සමහරු හිතාගෙන ඉන්නේ අපි මොන්ටිසෝරි ගිහිල්ලා පාර්ලිමේන්තු ආපු අය කියල – ඇමති සුසිල්ගෙන් ප්‍රහාරාත්මක කතාවක්

අධ්‍යාපන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රහාරාත්මක කතාවක් සිදුකර ඇත.

එදිනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය සම්මත කර ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබා දී වසරක් වසරක් සම්පූර්ණ විය. එදින පාර්ලිමේන්තුවේදී කෝප් වාර්තාව පිළිබඳව සාකච්ඡාවට ගන්නා අතර සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රහාරාත්මක කතාව කරනු ලැබීය.

“සමහරු හිතාගෙන ඉන්නේ අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ ගරු සභාවට ඇවිල්ලා කියායි. කොහේවත් නීති හදනවා; ඒ නීති මේ ගරු සභාවට ගෙනෙනවා; Consultative committee එකට ගෙනෙනවා; මේ ගරු සභාවට ඇවිල්ලා අපි අත් ඔසවන්න ඕනෑ, ඒවාට. ජනතාව අපි පත්කරලා තිබෙන්නේ සිග්නල් කණු නොවෙන්න නොවෙයි කාරණය මම මතක් කරනවා.”
“මේ විෂය ගැන දන්නා, මේ විෂයේ හිටපු අයට විනාඩි 11යි ලැබෙන්නේ. මේ විෂයට අදාළ නැති ඕනෑ කුණු හරුපයක් කියන කෙනෙකුට විනාඩි 15ක් දෙනවා. මේවා කියන්න අපි බය නැහැ. පාර්ලිමේන්තුවට අපි එවලා තියෙන්නේ ජනතාව. අපි ඡන්දයෙන් පත්වෙලා ඉන්නේ.” යනාදී වශයෙන් රාජ්‍ය ඇමතිවරයාගේ කතාව හැන්සාඩ් වාර්තාවේ දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *