Type to search

අභියාචනාධිකරණ නියෝගයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිත කල්ආරු රක්ෂිතය එළිපෙහෙළි කර අනවසර ඉදිකිරීම් සිදුකළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තමන්ට එරෙහිව ඉදිරිපත් කළ නියෝගයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතා පෙත්සමක් ගොනු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා ගොනුකළ අභියාචනා පෙත්සම ලබන පෙබරවාරි තුන්වනදා කැදවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේ. පරිසර යුක්ති කේන්ද්‍රය මේ පිළිබද චෝදනා කරමින් නඩුවක් ගොනුකර තිබෙනවා. කෙසේ වුවද මෙසේ වනාන්තර එළිපෙහෙළි කිරීම නීතිවිරෝධී බව තීන්දු කරමින් අදාළ ප්‍රදේශයේ යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නියෝග කළා. එමෙන්ම ගස් සිටුවීමේ වැඩපිලිවෙල සදහා දැරීමට සිදුවන වියදම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගෙවිය යුතු බවටද අභියාචනාධිකරණය මීට පෙර නියෝග කළා.

මෙම අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සමේ දැක්වෙන්නේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *