රට රැකියා යන්නේ විමසිල්ලෙන්; ගැටලුවක් ඇති වුවහොත් 1989 ක්ෂණික දුරකතන අංක – විදේශ සේවා නියුක්ති කාර්යංශය

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

රැකියා සඳහා විදෙස්ගත වීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශ, විදෙස්ගත වන පුහුණු ශ්‍රමිකයින්ට දැනුම් දෙනවා.

එහි නියාමනය යටතේ ලියාපදිංචි බලපත්‍රලාභීන් හරහා පමණක් ඍජුවම විදෙස් රැකියා ලබාගැනීමට කටයුතු කළ යුතු බවයි එම කාර්යංශය සඳහන් කළේ.

එවැනි බලපත්‍රලාභී ඒජන්තවරුන් සහ ආයතන 800ක් පමණ පවතින බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියා සිටියේ.

රැකියා සඳහා විදෙස් ගතවීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්ෂණික දුරකතන අංකය අමතා අදාළ උපදෙස් හා සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *