ගව ඝාතනය කඩිනමින් නතර කරන්න යයි

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම් පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව ඇති අතර, ඒ සඳහා අනුමැතිය ඉල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමැතිවරුන් දෙදෙනකු එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරි පත් කර ඇත .

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් එක්ව එම කැබිනට් සංදේශය ඉදිරි පත් කර ඇත .

ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන පනත ,සත්ව පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත ඇතුළු පනත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබේ .

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2020 සැප්තැම්බර් මස 28 වැනි දා තීරණය කර ඇති අතර ,අදාළ පනත් සංශෝධනය කර නොමැති නිසා, එය තවමත් ක්‍රියාත්මක වී නැත .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *