අනුරට මඩ ගැසූ වෙබ් අඩවියට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග – ජනතා විමුක්ති පෙරමුණ

අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක

පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය සදහා රුපියල් කෝටි 05 ක වියදමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි වෙබ් අඩවියක පළවී ඇති පුවත සම්පූර්ණ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අදාල ව්‍යාජ පුවත හා ඊට භාවිත කර ඇති කුඨ ලේඛනය පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පක්ෂයේ නායකයන්ගේ අත්සන් ව්‍යාජව සකස් කර මෙම ලිපිය සදහා භාවිත කර ඇති බවත් ව්‍යාජ රබර් මුද්‍රාද ඒ සදහා භාවිත කර ඇති බවත් විජිත හේරත් මහතා පෙන්වා දෙනවා.

ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩ නැගෙන අවස්ථාවක එය වෙනතක හැරවීමට ආණ්ඩුව ගත් අසාර්ථක ක්‍රියාමාර්ගයක් ලෙසයි ජනතා විමුක්ති පෙරමුණ මෙම ක්‍රියාව හඳුන්වා ඇත්තේ.

“අප පක්ෂයේ බවට හැඟෙන සේ සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රාද පක්ෂයේ නායකයන්ගේ ව්‍යාජ අස්සන්ද යොදාගනිමින් මෙම පුවත සකසනු ලැබ ඇත.

ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන මතයක් ගොඩනැගෙමින් තිබියදී එය වෙනතක හැරවීමට ආණ්ඩුව විසින් ගන්නා ලද තවත් අසාර්ථක උත්සාහයක් වශයෙන් මෙය හඳුනාගන්නා අපි මෙම ක්‍රියාමාර්ග පිටුපස ඇති දේශපාලනය පරාජය කිරීමට පෙරට එන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

එසේම මෙම ව්‍යාජ පුවත සහ ඊට පදනම් කරගත් කූට ලේඛනය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කරමු.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *