පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්; විදෙස් ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක් – නිමල් සිරිපාල

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්; විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් - නිමල් සිරිපාල ද සිල්වා

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්; විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් - නිමල් සිරිපාල ද සිල්වා

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ඇති කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගෙන කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් ජනතා අයිතියට පැවරීමට සහභාගි වීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අපේ ර⁣ටේ විදේශගත වෙන රැකියා ඒජන්සි වැඩිම සංඛ්‍යාවක් තිබෙන්නේ කුරුණෑගල දිස්ත්රික්කයේ. ඒජන්සිවලින් විදේශගත වෙන ශ්‍රමිකයින් සූරා කෑම වැළැක්වීමේ නීතිය අපි ගේන්න ඕනෑ. විදෙශ් ශ්‍රමිකයින්ගෙන් විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා.

ඒවගේම, විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් සකස් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන අවසානයි. රටේ මොන තරම් ගැටලු තිබුණත් ඒවා පාලනය කිරීමට නොහැකි වුණත් වැඩ කරන කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කරන්න අපිට පුළුවන් කමක් නෑ. ශිෂ්ට සමාජයක් වශයෙන්, අන්තර්ජාතික කම්කරු සංවිධානය, ලෝක බැංකුව, යුරෝපා කොමිසම, ඒ වගේ අන්තර්ජාතික සංවිධාන අපෙන් බලාපොරොත්තු වන්නේ කම්කරු ජනතාවගෙන් තලාපෙළා වැඩ ගන්න සංස්කෘතියක් නොවෙයි.

අමෙරිකාවේ විශ්‍රාම වයස් සීමාව අවම 70යි. අපේ රටේ ප්‍රාඥයින්ට මේවා තේරෙන්නෙ නෑ. තරුණ පරපුරට රැකියා නැති වෙනව ලු.

තරුණ පරපුරට පෞද්ගලික අංශයේ රැකියා ඕන තරම් ති⁣බෙනවා. පෞද්ගලික අංශය වෙනුවෙන් අපි විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් අනුමත කර තිබෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *