මන්ත්‍රීධූරය සඳහා අපේ ජනබල පක්ෂයේ ක්‍රියාමාර්ග මගින් කිසිදු බලපෑමක් නෑ – රතන හිමි

ආණ්ඩුව ඇතුළේ තවම සර්ව සර්වපාක්ෂික එකඟතාවක් නෑ - අතුරලියේ රතන හිමි

ආණ්ඩුව ඇතුළේ තවම සර්ව සර්වපාක්ෂික එකඟතාවක් නෑ - අතුරලියේ රතන හිමි

තම මන්ත්‍රීධූරය සඳහා අපේ ජනබල පක්ෂයේ ක්‍රියාමාර්ග මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ මැතිවරණය සඳහා අපේ ජන බල පක්ෂය සමග සන්ධාන ගත වුවද තමන් එම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවද උන්වහන්සේ කියා සිටිති. එනිසා එම පක්ෂයට තමන්ට විරුද්ධව විනය පරීක්ෂණ කැදවීමට නොහැකි බවත් හිමියන් පෙන්වා දෙයි.

මේ අතර අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම කාලසීමාවක් දැරීමට එකඟත්වයක් ඇතිවූ බවද එම පක්ෂය සඳහන් කරයි.

අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *