පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් කොළඹ වරායේ

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් කොළඹ වරාය පරිශ්‍රයේ සිදු කළ පරීක්ෂාවකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට වෙළඳ පොල තුළ සහල් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොග වෙළඳ පොලට පැමිණීමේ අවධානමක් මතුව තිබේ. මේ පිලිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයකදී මෙම සහල් තොග පිළිබඳව අනවාරණය කර ගැනීමට හැකිව ඇත.

එහිදී අත්අඩංගුවට ගනු ලැබු සහල් තොගයේ සාම්පල රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර පරීක්ෂා කිරීමේදී ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බව හෙළිව තිබේ. මෙම සහල් තොග පිළිබඳව සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තිබූ තවත් කන්ටේනර් නවයක් වරායෙන් නිදහස් කර වත්තල ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන ගොස් එම සහල් තොගයේ සිටි කෘමි සතුන් ඉවත්කර ඇති බවයි. මෙම පරිභෝජනයට නුසුදුසු සහල් තොගය 2019 වර්ෂයේදී පකිස්ථානයේ සිට මෙරටට ආනයනය කර ඇති බව අනාවරණය කර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *