WHO අනුමැතිය ලැබූ එන්නත් ලබා ගත් ඕනෑම විදේශිකයකුට ඇමෙරිකාව විවෘතයි

WHO අනුමැතිය ලැබූ එන්නත් ලබා ගත් ඕනෑම විදේශිකයකුට ඇමෙරිකාව විවෘතයි

WHO අනුමැතිය ලැබූ එන්නත් ලබා ගත් ඕනෑම විදේශිකයකුට ඇමෙරිකාව විවෘතයි

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළ ඕනෑම ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතකට තමන් අනුමැතිය ලබා දෙන බව ඇමෙරිකානු ජාතික වසංගත රෝග පාලනය සහ වැලැක්වීමේ සී.ඩී.සී. ආයතනය නිවේදනය කර තිබේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඕනෑම විදේශිකයකුට නිරෝධායනයට ලක් නොවී ඇමෙරිකාවට පිවිසීමට අවස්ථාව ලැබේ.

ඇමෙරිකා රජය මේ වනවිට චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් රැසක් ඇතුළු රටවල් 33 කට පනවා තිබූ සංචාරක තහනම ද ඉවත් කර ඇත. ඒ, පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වුණු විදේශිකයන් සදහා වෙනුවෙන් එරට විවෘත කරමිනි.

මේ වනවිට හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත්තේ ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම් සහ සිනොවැක් යන එන්නත් සදහා පමණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *