ගුවන් තොටුපොළේදී සිදුකරන PCR පරීක්ෂණ නවතා අලුත් රැල්ලක් සාදා ගැනීමේ ලකුණු – රවී කුමුදේශ්

පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගල බිමට - වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගල බිමට - වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කරන ලද නව PCR රසායනාගාරයේ වැඩ කටයුතු අඩාළ කිරීම මහජනතාව හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදුකරන ලද්දක් යැයි තම සංගමය සැකකරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ගුවන් තොටුපොළේදී සිදුකරන PCR පරීක්ෂණ නවතා දමා බලෙන් වසන්තයක් උදාකරන්න ගොස් කොරෝනා අලුත් රැල්ලක් සාදා ගැනීමේ ලකුණු පෙනෙන්නට ඇතැයිද රවී කුමුදේශ් අනතුරු අඟවයි.

ගුවන්තොටුපළ On Arrival PCR එක අත්‍යවශ්‍යයි කියමින් හෝටල් නිරෝධායනයට උඩගෙඩි දෙමින් මාර්ගෝපදේශ හදපු සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝටල් මාෆියාවට තිත තියපු ගමන් On Arrival PCR අවශ්‍යම නැහැ කියලා මාර්ගෝපදේශ හදපු එක සැකසහිත බවද හෙතෙම අවධාරණය කරයි.

පැය කිහිපයක් ඇතුළත ගුවන් මගීන්ගේ පරීක්ෂණ වාර්තා ලබාදීම ආරම්භ කර දින තුනක් යෑමට මත්තෙන්, එම කටයුත්ත අඩපණ කිරීම හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදු කරන ලද්දක් බවට හෙතෙම චෝදනා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශවලට අනුව, ගුවන් තොටුපොළින් ඇතුළුවීමේදී සියලු ගුවන් මගීන් විසින් PCR පරීක්ෂණයකට ලක්විය යුතු බව අනිවාර්ය‍ වීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු අනිවාර්ය හෝටල් නිරෝධායනය හරහා මහජනතාව විශාල ගසා කෑමකට ලක්වූ බව ඔහු පෙන්වා දෙයි.

එම තත්ත්වය වළක්වා කඩිනමින් වාර්තා ලබා දීම ඇරඹුණු වහාම රටට ඇතුළුවන ගුවන් මගීන් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම අනවශ්‍ය බවට මාර්ගෝපදේශ නිකුත් කිරීමත්, නැවත මාර්ගෝපදේශ වෙනස් කරමින් දින කිහිපයට පසු PCR පරීක්ෂණ කිරීම අනිවාර්ය කිරීමට සූදානමක් පවතින බවක් පෙනෙන්නට ඇති නිසා මෙය කිසියම් සැලසුම් සහගත උත්සාහයක් විය හැකි බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *