2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට; සාහිත්‍ය සම්මානය ටැන්සානියානු ජාතික අබ්දුල් රසාක් ගුර්නාට

2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට; සාහිත්‍ය සම්මානය ටැන්සානියානු ජාතික අබ්දුල් රසාක් ගුර්නාට

2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට; සාහිත්‍ය සම්මානය ටැන්සානියානු ජාතික අබ්දුල් රසාක් ගුර්නාට

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය, පිලිපීන මාධ්‍යවේදිනියක වන මරියා රෙසා සහ රුසියන් මාධ්‍යවේදී දිමිත්‍රි මුරටෝව් අතරේ සමව බෙදී යන බව නොබෙල් කමිටුව (08) සවස නිවේදනය කළේය.

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කරමින්, භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ලෙස තමන් මරියා රෙසා සහ දිමිත්‍රි මුරටෝව් හඳුනා ගත් බැවින්, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

”ප්‍රජාතන්ත්‍රවාදයටත් මාධ්‍ය නිදහසටත් තර්ජන එල්ල වෙද්දී, මාධ්‍යවේදීන් ලෙස තම වගකීම් නොපිරිහෙලා ඉටු කළ දෙදෙනකු ලෙස මරියා රෙසා සහ දිමිත්‍රි මුරටෝව් හඳුන්වා දෙන්න පුළුවන්” යැයි නොර්වේ ඔස්ලෝ නුවර පැවැති මාධ්‍ය හමුවේ දී නෝර්වේජියානු නොබෙල් කමිටුවේ ඵ්‍රධානී බෙරිට් රියෙස් ඇන්ඩර්සන් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

1935 වසරෙන් පසු මාධ්‍යවේදීන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි.

මෙවර සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය මෙවර හිමි වූයේ ටැන්සානියානු ජාතික අබ්දුල් රසාක් ගුර්නා (Abdulrazak Gurnah)ට ය.

වෙනස් නොවන යටත්විජිතවාදය නිසා ඇති වූ හානිකර තත්වයන් දෙස සානුකම්පිතව, දැඩි අවධානයකින් යුතුව නොවෙනස්ව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔහුගේ නවකතාකරණය අගය කරන බව, ස්වීඩිෂ් ඇකඩමිය ගුර්නාට සම්මානය පිරිනමන්නට තීරණය කළ බව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. ඒ අනුව ලබන දෙසැම්බරයේ පිරිනැමෙන නොබෙල් රන්පදක්කම සමග ඔහුට ස්විඩිෂ් රන්පවුම් දශ ලක්ෂයක (‍ඩොලර් මිලියන 1.14ක) මුදලක් හිමි වනු ඇත.

73 හැවිරිදි වියේ පසුවන ගුර්නාගේ මවුබස සවාහිලි වුවත් ඔහු ග්‍රන්ථ රචනා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔහු දැනට නවකතා 10ක් ලියා පළ කර තිබේ. 1948 වසරේ සැන්සිබාරයේ උපන් ඔහු, එංගලන්තයට පැමිණ ඇත්තේ සරණාගතයකු ලෙසය. ඒ, 1964 සැන්සිබාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී කැරැල්ල නිසාය. එවිට ඔහුගේ වයස අවුරුදු 18ක් බව පැවැසෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *