ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකුට, නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස උසස්වීම්

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු එකවර නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කිරීම පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ සිද්ධියක් බවද පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ඉදිරියේදී කාන්තා නිලධාරිනියන් හට දක්ෂතාවය සහ හැකියාව මත පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලබාගැනීමේ අවස්ථාව සලසා තිබීම සුවිශේෂී තත්වයක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *