යොහානිට ඉන්දියාවේදී උණුසුම් ප්‍රතිචාර

යොහානි බොලිවුඩයට

යොහානි බොලිවුඩයට

මැණිකේ මගේ හිතේ ප්‍රතිනිර්මාණ ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොවුන් ගායිකා යොහානි සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.

ඇයගේ පළමු ප්‍රසංගය ගුරුග්‍රෑම් ස්ටූඩියෝ එක්ස ඔ හි 30වන දින පස්වරු 06 ට පැවති අතර මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන ” ලුනු මියුසික් ” සංගීත කණ්ඩයම සංගීතය ලබා දෙමින් යොහානිට වේදිකාවේදී සහාය දැක්වීය.

ශ්‍රී ලාංකික ප්‍රේක්ශකයන් ඉදිරියේ ඉන්දියානු ගායක ගායිකාවන් ගීත ගායනා කිරීම අපට ඉතා හුරුපුරුදු දෙයක් වන නමුත්, ශ්‍රී ලාංකික ගායක‍ෙකුට හෝ ගායිකාවකට දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ පළමුවරටය.

ඇයගේ ප්‍රථම ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට ගුවන් විදුලි නාලිකාවක් වන රෙඩ් එෆ්.එම් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සදහාද ඇය සහභාගී වූයේය සියලුම ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කරමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *