(VEDIO) ”Fly high and never give up” – ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය සත්නාරා ප්‍රනාන්දු

”Fly high and never give up”. ඒක තමයි මගේ ආත්ම විශ්වාසය වැඩි කළේ"- ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය සත්නාරා ප්‍රනාන්දු

”Fly high and never give up”. ඒක තමයි මගේ ආත්ම විශ්වාසය වැඩි කළේ"- ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය සත්නාරා ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව තුළ ගුවන් නියමු බලපත්‍රයක් හිමිකරගත් ළාබාලතම කාන්තාව වන්නේ සත්නාරා ප්‍රනාන්දු ය.

ගුවන් නියමුවරියක් වන ඇය මේ වනවිට 17වන වියේ පසුවන්නීය.

“මේ සිහිනය මම දකින්න ගන්නේ මගෙ පොඩි කාලේ ඉඳලයි. එතැනිනුත් පළමු දේ තමයි මගේ අම්මි වැඩට ගියාම මට පොඩි පොඩි ටෝයිස් ගෙනත් දෙනවා. ඒවා ප්ලෙන්ස්. මම ඒවා කඩ කඩ හදනවා. ඒක තමයි ඒ කාලෙ මගේ ලොකුම වැඬේ වෙලා තිබුණේ. එතකොට මට වයස අවුරුදු 6 – 7 ක් විතර ඇති. ඊට පස්සේ මගේ ඉස්කෝලෙන් තමයි ඒ සිහිනය තවත් මට වැඩිදියුණු කළේ. මගේ ඉස්කෝලේ තමයි බම්බලපිටිය හෝලි ෆැමිලි කොන්වන්ට්.

මගේ රෝල් මොඞ්ල් එක වෙන්නෙ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පළමු ගුවන් නියමුවරිය වන කැප්ටන් අනූෂා මොහොමඞ්. ඇය එක වසරක අපේ ඉස්කෝලේ ක‍්‍රීඩා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා විදිහට ආවා. මම එතකොට ඉගෙන ගත්තේ අටේ පන්තියේ. ඒ වෙලාවේ එයා එක කතාවක් කිව්වා. මට ඒක අමතක කරන්න බැරි විදිහට මතකයේ රැඳුණා. ඇය එදා කිව්වා ” Fly high and never give up ” කියලා. ඒක තමයි මගේ ආත්ම විශ්වාසය වැඩි කළේ. එතැන ඉඳලා තමයි පයිලට් කෙනෙක් වෙනවා කියන එක මගේ ඇඟට ගොඩක් දැනෙන්න ගත්තේ. අහස උඩට යන්න ආසාවක් මට ඇති කළේ. ඒක තමයි අහස උඩට මාව අරගෙන ගියෙත්. එදායින් පස්සේ මට ලොකු අධිෂ්ඨානයක් ඇතිවුණා. වෙලාව කළමනාකරණය කරගන්න මම පුරුදු වුණා. O/L කළා. O/L හොඳට පාස් වුණා. O/L වලින් පස්සේ මම හිතුවා A/L කරනවට වඩා මගේ හීනෙට යන්න ඕන පාර තෝර ගන්න ඕන කියලා.

කැප්ටන් අනූෂා මොහොමඞ් කියන්නෙ ශ‍්‍රී ලන්කන් එයර්ලයින්වල පළමු ගුවන් නියමුවරිය වූ නිසා මටත් කවදහරි ඕනෙ වුණේ අපේ රටේත් ළාබාලතම ගුවන් නියමුවරිය වෙන්න. මම ඒ අනුව තමයි පෞද්ගලික ගුවන් නියමු බලපත‍්‍රය අඩුම වයසකදී ගන්න පෙළඹුුණේ. මම අවුරුදු 16 දී ප්ලේන් එක තනියම පැද්දා. ඒකට අපි කියන්නේ සෝලෝ යනවා කියලා.පසුගිය මාර්තු මාසේ 04 වෙනිදා තමයි මම මගේ ප‍්‍රයිවට් පයිලට් ලයිසන් සම්පූැ්ණ කළේ. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණෙත්.

මට ඕනේ ශ‍්‍රී ලංකාවේ ළාබාලතම ගුවන් නියමු පුහුණු උපදේශකවරිය වෙන්න. මම එතැනට යන්න බලාගෙන ඉන්නවා. ගුවන් සේවාවක රැකියාවකට යන්න කලින් මම ඒක සම්පූර්ණ කරගන්න ඕනේ”.

“2006 දී යුද්ධය කාලේ අපේ ගෙදර වහලය උඩින් කෆීර් යද්දි කෑගගහ බලනවා. ගුවන් යානාවලට තියෙන ආශාවත්
එක්ක මම ඉස්සරහට ආවා.” යනුවෙන් ඇය සඳහන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *