විවාහ උත්සව ශාලාවලට එන්නත් දෙකම අනිවාර්යයි

විවාහ උත්සව ශාලාවලට එන්නත් දෙකම අනිවාර්යයි

විවාහ උත්සව ශාලාවලට එන්නත් දෙකම අනිවාර්යයි

කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලූ සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා සඳහන් කළේය.
දැනට පනස් දෙනෙකුගේ උපරිම සීමාව යටතේ විවාහ මංගල උත්සව පැවැත්වීමට කෝවිඞ් මර්දන කමිටුවෙන් තම සංගමය අවසර ලබාගත් බවද එම සංගමය කියයි.

නිරෝධායන සෞඛ්‍ය නීති ගැන වගකිමක් ගන්න කෙනෙක් නැති නිවෙස්වල එම උත්සවයන් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ද ඔහු බළධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

විවාහ මංගල උත්සව වලදී යම් පුද්ගල මීටරයේ දුරස් බව නැතුව, මුව අවාරණ නැතුව සිංදුවලට නටන්න ආවොත් විතරක් නෙමෙයි බීලා නටන්න ආවත් ඒ අයට සංගීතය සැපයීමෙන් වලකින්න ඇණවුම බාරගැනීමට පෙර කොන්දේසි දමා බාරගන්න කටයුතු කරන්නැයි එම සංගමයේ උසභාපති සංගීත ශිල්පී සාලිය දිනේෂ් මහතා සංගීත ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *